Friday, April 26, 2024

General line - 0115112241

ආසියානු කාන්තා කි‍්‍රකට් ශූරතාව ඉන්දියාවට




ආසියානු කාන්තා කි‍්‍රකට් ශූරතාව අඛණ්ඩව 6 වැනි වරටත් දිනා ගැනීමට ඉන්දීය කී‍්‍රඩිකාවන් අද (04) සමත්වුණා.

6 වන වරට පැවැති මෙවර ආසියානු කාන්තා කි‍්‍රකට් තරගාවලිය පන්දුවාර විස්ස තරගාවලියක් ලෙස පැවති අතර ඊට සත්කාරකත්වය ලබාදුන්නේ තායිලන්තයයි.

අවසන් මහ තරගයේදී පාකිස්තානු කණ්ඩායම ලකුණු 17කින් පරාජය කරමින් ඉන්දිය කී‍්‍රඩිකාවන් ආසියානු කාන්තා කි‍්‍රකට් ශූරතාව දිනා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කී‍්‍රඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 120ක් රැස් කළා. එම ඉලක්කය හඹාගිය පාකිස්තානු කී‍්‍රඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 104ක් පමණයි.

මෙවර තරගාවලියට ආසියානු රටවල් 6ක් සහභාගි වූ අතර ශී‍්‍ර ලංකාව 3 වන ස්ථානය දිනා ගත්තා. අවසන් තරගයේ දක්ෂතම කී‍්‍රඩිකාව සහ තරගාවලියේ දක්ෂතම කි‍්‍රඩිකාව ලෙස ඉන්දීය කී‍්‍රඩිකා මිතලි රාජ් සම්මාන දිනා ගත්තා.

15293379_10211475539510467_872976105_o 15300736_10211475539230460_1188178383_n