Saturday, April 27, 2024

General line - 0115112241

නාවික හමුදා ප්‍රහාරයෙන් මහනුවර පරාදයි




අන්තර් සමාජ ඩයලොග් කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ අද (04) පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට නාවික හමුදාව සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 37-32ක් ලෙස පරාජයට පත් වූයේ මහනුවර කී‍්‍රඩා සමාජයයි.

ඒ අනුව නාවික හමුදාව සිය අපරාජිත බව රැකගැනීමට සමත්ව තිබෙනවා. ඒ මෙතෙක් තමන් සහභාගී වූ තරග 4ම ජයගනිමින්.

මෙම තරගය වැලිසර නාවික හමුදා කී‍්‍රඩාංගණයේදි පැවැත්වුණා.