Saturday, April 27, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකානු සංචාරයේ දී විශේෂ සැලසුමක්




දකුණු අප‍්‍රිකානු සංචාරයේ දී විශේෂ සැලසුමක් යටතේ තරග වැදීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ශ‍්‍රී ලංකාව, දකුණු අප‍්‍රිකානු ටෙස්ට් ක‍්‍රිකට් තරග සංචාරයකට එක්වන්නේ වසර පහකට පසුවයි. ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර මෙවර ටෙස්ට් තරග 03ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය දෙසැම්බර් 26 වන දා ආරම්භ වීමට නියමිතයි.