Friday, April 26, 2024

General line - 0115112241

ලෝකයට පිනි මුවන් අහිමි වීමේ අවදානමක්




ලෝකයේ ජීවත් වන විශාල පිනි මුවන්ගේ ගහනය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි විද්‍යාඥයින් පවසනවා.

2000 වසරේ සිට මේ දක්වා කාලය තුළ පිනිමුවන් ගහනය සියයට 40 කින් පහත වැටී ඇති බවයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ.

අධ්‍යයනය සිදු කළ අමෙරිකානු විද්‍යාඥයින් පවසන්නේ උෂ්ණත්වය ඉහළ යාම සහ මිනිස් ක‍්‍රියාකාරකම් මෙම තත්වයට ප‍්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

මේ හේතුවෙන් මෙම සත්වයින්ගේ වාර්ෂික සංක‍්‍රමණික ක‍්‍රියා පිළිවෙතට ද බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

2000 වසරේ දී ලක්ෂ දහයක් වූ පිනි මුවන්ගේ ගහනය මේ වනවිට ලක්ෂ හයක් දක්වා අඩු වී තිබෙනවා.