මැලේසියාවේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
නාවික හමුදා පුහුණුවීමක් අතරතුරදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මිය ගිය පුද්ගලයන් මැලේසියානු නාවික හමුදා සමුද්‍රීය මෙහෙයුම් ඒකකයේ පුද්ගලයින් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
අනතුරට ලක්වූ යානා 02හි සිටි සියලු පුද්ගලයින් මිය ගොස් ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.