Friday, April 26, 2024

General line - 0115112241

චීන තායිපේ කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකාව පරාජය වෙයි




වයස අවුරුදු 19 න් පහළ ආසියානු රග්බි තරගාවලියේ අද (17) පැවති තරගයක දී චීන තායිපේ කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා.

චීන තායිපේ යොවුන් ක‍්‍රීඩකයින් එම තරගය ජය ගත්තේ ලකුණු 31 – 25 ක් ලෙසයි.

ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේ දී සත්කාරක මැලේසියා කණ්ඩායම පරාජය කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් හොංකොං කණ්ඩායම සමග පැවති තරගයේ දී ශ‍්‍රී ලංකාව ලකුණු 61- 0 ලෙස පරාජයට පත් වුණා.

15589853_10157971141890010_3770639842838861542_n