Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දුනිසියාවේ ගුවන් යානයක් කඩා වැටේ




ඉන්දුනිසියානු ගුවන් හමුදාවට අයත් යානයක් අද (18) කඩා වැටුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අනුව මියගොස් ඇතැයි තහවුරු කරගෙන ඇති සංඛ්‍යාව 13 ක්. ඒ අතරට හමුදා සාමාජිකයින් දස දෙනෙකුද ඇතුළත්.

මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත්, හර්කියුලිස් සී 130 වර්ගයේ ගුවන් යානයක්. අයහපත් කාලගුණය අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

අනතුර සිදුව තිබුණේ කඳු ආශි‍්‍රත ප‍්‍රදේශයක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යානයේ සුන්බුන් සොයා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

001 ddd