Friday, April 26, 2024

General line - 0115112241

කැරිබියන් ලීග් තරඟාවලියේ නවතම ලකුණු සටහන




බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඇමර්සන් වොරියස් කණ්ඩායම සමත්ව සිටිනවා.

ඒ, සහභාගි වූ තරග 6 න් 5 ක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගනිමින්. ජැමෙයිකා තලවස් සහ ටි‍්‍රන්ග්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල රැදී සිටිනවා.

මේ අතර ඊයේ පැවති තරගයකදී ශාන්ත ලූසියා කණ්ඩායම පරාජය කරමින් ඇමර්සන් වොරියස් කණ්ඩායම කඩුලූ 8 ක ජයක් අත්කර ගත්තා. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ලූසියා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලූ 6 ක් දැවි ලකුණු 138 ක් රැස් කළා. ඇමර්සන් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු දෙකකදි කඩුලූ 2 ක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර ජැමෙයිකා තලවස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගාවලිය නියෝජනය කරනවා.