Friday, April 26, 2024

General line - 0115112241

යොවුන් ආසියානු කුසලාන අවසන් තරඟය අද – ශ්‍රී ලංකාව ඉන්දියාව සමගින් සටනේ




ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතරයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය දහවල් 2 යි 30 ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ කමිදු මෙන්ඩිස් විසින්.

ඉන්දීය කණ්ඩායම අභිෂේක් ශර්මා විසින් මෙහෙයවනු ලබනවා.

මෙම තරගාවලියට සහභාගී වූ මුළු කණ්ඩායම් සංඛ්‍යාව අටක්.

ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මේ දක්වා අපරාජිතව සිටිනවා.

අවසන් පූර්ව තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වූයේ ඇෆ්ගනිස්ථානයයි.

කාණ්ඩ දෙකක් යටතේ පැවති පළමු වටයේ දී මැලේසියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව පරාජය කිරීමට ද ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම තරගාවලියේ සහභාගී වූ තරගවලින් පරාජය වූයේ පළමු වටයේ දී ඉන්දියාව සමග පැවති තරගය පමණයි.

පළමු වටයේ අනෙක් තරගවල දී නේපාලය සහ මැලේසියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත් වුණා.

අවසන් පූර්ව තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වූයේ බංග්ලාදේශයයි.