Saturday, April 27, 2024

General line - 0115112241

බොක්සිං දිනයේ දී ක‍්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට ශ‍්‍රී ලංකාවට අවස්ථාවක්




ක‍්‍රිකට් ක‍්‍රීඩා පිටියට ද අද සුවිශේෂි දවසක්. අද (26) දිනය සැලකෙන්නේ බොක්සින් දිනය ලෙසයි. එලෙස නම් තබා ඇත්තේ නත්තලට ලැබුණු තෑගි විවෘත කරන දිනය හෙවත් බොක්ස් ඉන් ඩේ යන දිනය අද වීම හේතුවෙන්.

බොක්සින් දිනයේ සුප‍්‍රකටම තරගය වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් ක‍්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගයයි. සෑම වසරකම පැවැත්වෙන මෙම තරගයට පේ‍්‍රක්ෂකයන් අසූදහසක් පමණ එක් වනවා. ඕස්ටේ‍්‍රලියාව සහභාගී වන මෙවර තරගය මේ වනවිට පැවැත්වෙන්නේ පාකිස්තානය සමගයි.

ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි දිනයක් ලෙස සැලකෙන බොක්සින් දිනයේ දී, එනම් අද දිනයේ දී ශ‍්‍රී ලංකාව ද ටෙස්ට් තරග බිමට පිවිසෙනවා. ඒ, දකුණු අප‍්‍රිකාවට එරෙහිවයි.

ආබාධයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේ දී ශ‍්‍රී ලංකා පිලට නායකත්වය ලබාදෙන අතර දිනේෂ් චන්දිමාල් සහ දුෂ්මන්ත චමීර ද අද තරගයේ දී ශ‍්‍රී ලංකා පිල නියෝජනය කරනු ඇති. දකුණු අප‍්‍රිකාවේදී ශ‍්‍රී ලංකාව මෙතෙක් ලබා ඇත්තේ එක් ටෙස්ට් තරග ජයක් පමණක් විම ද විශේෂත්වයක්. ඒ, 2011 වසරේ අදවන් දිනක ආරම්භ වූ ඩර්බන්හි පැවති ටෙස්ට් තරගයයි.