Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවෙන් සාර්ථක ආරම්භයක් (UPDATE)




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් අද (26) සමත් වුණා.

පෝර්ට් එළිසබත් හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත්තේ දකුණු අප‍්‍රිකාවයි.

ඒ අනුව දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගුවා.

ආරම්භක පිතිකරු ස්ටෙෆන් කුක් දැවී ගියේ ලකුණු 59කටයි. ඩින් එල්ගර් ලකුණු 45ක් රැස්කළා.

මීට නොබෝ වේලාවකට පෙර දකුණු අප‍්‍රිකානු ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 174ක් ලෙසයි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 35කට කඩුලු 2ක් බිඳහෙලුවා.


දකුණු අප්‍රිකාව පිත්ත අතට ගනී

(Dec 26, 2016 @ 14:59)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා.

ඒ, පෝර්ට් එළිසබත් හිදීයි.

කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 19 ක් නිමා වන විට දකුණු අප‍්‍රිකාව කිසිවෙකු නොදැවී ලකුණු 58ක් රැස්කර සිටිනවා.