Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා 19 න් පහළ පිලට ජය




දකුණු අප‍්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවති තරග 3 කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත් වුණා.

ඒ, තුන්වන සහ අවසන් තරගය කඩුලු 6 කින් ජයගනිමින්. කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (13) මෙම තරගය පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 195 ක් රැස් කළා. ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 4 ක් පමණක් දැවී පන්දුවාර 45 යි පන්දු 5 කදී ලකුණු 199 ක් ලබා ගත්තා.

13694998_10210074375882252_1326365798_n (1) 13705064_10210074375842251_1470420375_n (1) 13713519_10210074375962254_1744859703_n (1) 13714298_10210074375922253_577626618_n (1) 13714404_10210074376242261_1308759877_n (1)