Friday, April 26, 2024

General line - 0115112241

ලෝක කුසලාන පාපන්දු ආකෘතිය වෙනස් කිරීමට සැරසෙයි




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග වදින කණ්ඩායම් සහ කාණ්ඩ ගතකිරීම වෙනස් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අවධානය යොමුවී තිබෙනවා.

වසර 4 කට වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට මේ වනවිට එක්වන්නේ කණ්ඩායම් 32 ක් පමණයි. එම සංඛ්‍යාව 48 දක්වා වැඩි කිරීමටයි පාපන්දු සම්මේලනයේ අවධානය යොමුව ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. කාණ්ඩ  03 ක් යටතේ කණ්ඩායම් 48 සම්බන්ධ කර ගැනීමටයි අවධානය යොමුවී ඇත්තේ.

මෙම වෙනස් කිරීම සම්මත වුවහොත් 1998 වසරෙන් පසුව පාපන්දු ලෝක කුසලානයක තරග ආකෘතිය වෙනස් වන පළමු අවස්ථාව මෙය වනවා.

කෙසේවෙතත් නව තරග වෙනස්කම සිදුකිරීමට නියමිතව ඇත්තේ 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිට බවයි අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සඳහන් කළේ.