Friday, April 26, 2024

General line - 0115112241

මොළය මියගිය පුද්ගලයන්ගේ ‘වකුගඩුවලින් ජීවත්වන’ පළමු යුවළගේ විවාහය 19 වන දා



මොළය මියගිය පුද්ගලයන්ගෙන් ලබාගෙන බද්ධ කළ වකුගඩුවලින් ජීවත්වන තරුණයෙකු සහ තරුණියක් ලබන 19 වන දින මහනුවර අම්පිටියේදී විවාහ වීමට නියමිතව තිබෙනවා.

මෙරටදී එවැනි විවාහයක් සිදුවන පළමු අවස්ථාව මෙයයි.

මෙම විවාහය සිදුවන තරුණිය මෙරටදී මොළය මියගිය පුද්ගලයන්ගෙන් ලබාගෙන  වකුගඩුවක් බද්ධ කළ පළමු රෝගියා ලෙසද ඉතිහාස ගතව තිබෙනවා.

වසරකට මෙරට පුද්ගලයන් 5000ක් පමණ වකුගඩු රෝගයට ගොදුරුවන අතර ඉන් 500ත් 750ත් අතර පිරිසකට වකුගඩු බද්ධ කිරීම කළ යුතු බවයි වාර්තා වන්නේ.

එවන් රෝගීන් සඳහා මොළය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු බද්ධ කළ හැකි අතර වසරකට මොළය මියගිය පුද්ගලයන් 750ක් පමණ මෙරටින් වාර්තා වනවා.

මෙලෙස මොළය මියගිය පුද්ගලයන්ගෙන් ලබාගෙන වකුගඩු බද්ධ කිරීමේ සාර්ථක ක්‍රමයක් තිබියදී රෝගීන් මියයාම පිළිබඳව අප වකුගඩු රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේගෙන් කරුණු විමසා සිටියා.