Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට යළිත් පරදියි




දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන තුන් කොන් යොවුන් එක් දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගයේදී ශ‍්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජයට පත් වුණා.

දකුණු අප‍්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එම තරගය ජයගත්තේ ලකුණු 128කින්. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවී ලුකුණු 283ක් රැස් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් එම ඉලක්කය හඹා ගිය ශ‍්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගැනිමට හැකි වූයේ ලකුණු 155ක් පමණයි. එම තරගය දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් හීදී පැවැත්වුණා.

දකුණු අප්‍රිකානු යොවුන් පිල – ඕවර 50 කදී කඩුලු හයක් දැවී ලකුණු 283

(ජෙසී ක්‍රිස්ටියන්සන් 101, රේනාඩ් ෆැන්ටොන්ඩර් 79, වියාම් මල්ඩර් 44, මිචෙල් වැන්බූරන් නොදැවී 23, නිපුන් රන්සික 45/3, ජෙහාන් ඩැනියල් 59/2)

ශ්‍රී ලංකා යොවුන් පිල – ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 155

(හසිත බෝයගොඩ 24, රශ්මික දිල්ෂාන් 24, ජේඞ් ඩී’ක්ලක් 28/3, වියාම් මල්ඩර් 42/3, කීනන් ස්මිත් 32/2, )