Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පොඩ්ඩන් 16 වෙනි තැනට




06 වැනි ආසියානු ළමා කී‍්‍රඩා උළෙලේ රටවල් 43ක් අතරින් 16 වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව තිබෙනවා. ඒ රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින්.

දකුණු ආසියානු රටක් මෙම කී‍්‍රඩා උළෙලේ දැක් වූ ඉහළම දක්ෂතාව මෙය වනවා.

රුසියාවේ පැවැති මෙම කි‍්‍රඩා උළෙලේදී මලල කී‍්‍රඩා ඉසව්වෙන් ශී‍්‍ර ලංකාව වැඩි දස්කම් දැක්වූවා. කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා වූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික සන්තුෂ් මීටර් 100 සහ 200 පිරිමි ධාවන ඉසව්වලින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දිනා දුන්නා.

ශී‍්‍ර ලංකාවට අනෙක් රන් පදක්කම හිමි වූයේ මීටර් සියය පසුපස ආර පිහිනුම් ඉසව්වෙන්. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් එම රන් පදක්කම ශී‍්‍ර ලංකාවට දිනා දුන්නා.

6 වැනි ආසියානු ළමා කී‍්‍රඩා උළෙළට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (15) සවස දිවයිනට පැමිණිමට නියමිතයි.

13672280_10210071825538495_1578423412_n

medal 12.00pm