Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් නිව්ස් මැදිහත් වීමෙන් දෘෂ්‍යාබාධිත කණ්ඩායම T20 කුසලානය සඳහා පිටත්ව යයි




ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (28) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියා. අනුග‍්‍රහකයින් නොමැති වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත තත්වයක පැවතුණා. නෙත් නිවුස් එ් සඳහා මැදිහත් වීමත් සමග සිය ලෝක කුසලාන සිහිනය සැබෑ වූ බවයි ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම නායක චන්දන දේශපි‍්‍රය සඳහන් කළේ.

දිල්ලි සහ බැංග්ලෝ නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලියට රටවල් 10ක් තරග වදිනවා. තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන 30 වැනිදා දිල්ලි හිදි පැවැත්වීමට නියමිතයි. ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් සංචිතයට කී‍්‍රඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

පන්දුවාර විස්ස ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලබන 31 වැනිදා නවසීලන්තයට එරෙහිව දිල්ලි හිදි පැවැත්වෙනවා.