Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවේ දැවැන්ත ආයෝජනයකට ජපානය සැරසෙයි




ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වොෂින්ටන් නුවරදී අද (10) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවනවා.

එහිදී අමෙරිකාව තුළ විශාල ආයෝජනයක් සිදුකිරීමට ජපානය එකඟත්වය පළ කරනු ඇති බවයි වාර්තා වන්නේ.

සිය රට තුළ රැකියා ජනනය සඳහා ප‍්‍රමුඛත්වය ලබාදෙන බවයි ජනාධිපති ට‍්‍රම්ප් පවසා ඇත්තේ. ජපානය සමග වෙළෙඳ ගනුදෙනුවලදී අමෙරිකාවට අවාසියක් සිදුවන බව ට‍්‍රම්ප් මීට පෙර චෝදනා කළා.

කෙසේ වෙතත් ජපානයේ අරමුණ වී ඇත්තේ සිය ප‍්‍රධාන ආරක්ෂක සහ වෙළෙඳ පාර්ශ්වකරු වන අමෙරිකාව සමග යහපත් සබඳතාවක් පවත්වා ගැනීමයි.