Saturday, April 27, 2024

General line - 0115112241

සංගක්කාර තවත් තරගයක් පරදියි




පකිස්ථාන සුපර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කුමාර් සංගක්කාර නායකත්වය ලබාදෙන කරච්චි කිංග්ස් කණ්ඩායම ඊයේ කඩුලූ හතක පරාජයක් ලැබුවා.

ඒ, ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 159 ක් රැස් කළා.

බාබර් අසාම් ලකුණු 50යි. නායක කුමාර් සංගක්කාර ලකුණු 25 කට දැවී ගියා. ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා ලකුණු 34 කට කඩුලු 03 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

ලකුණු 160ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.

රිලී රොසොව් නොදැවී ලකුණු 76 යි. නායක සෆ්රාස් අහමඞ් නොදැවී ලකුණු 56 ක් රැස් කළා.

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් කරච්චි කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලද දෙවන පරාජය ද මෙයයි. මෙම තරගය ඩුබායි අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.