Friday, April 26, 2024

General line - 0115112241

දික්ඔය ඇළ කිරිවලින් පිරෙයි




නරක් වු කිරි ලීටර් දස දහසක් දික්ඔය ඇළට මුදා හැරීමේ චෝදනා මත පුද්ගලයකු පොලිස් අතඅඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ දියර කිරි එකතු කරන මධ්‍යස්ථානයක් විසිනුයි එම කිරි ජලාශයට මුදාහැර ඇත්තේ. 

ඇළ මාර්ගය ඔස්සේ ජලාශයට නරක් වු දියර කිරි මිශ්‍ර ජලය ගලා බැසීමෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම පරිසර හානියක් ද සිදුව ඇති බව පැවසෙනවා. 

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය විසින් කිරිපිටි නිශ්පාදන සමාගමකට ලබාදුන් කිරි නරක්වීම හේතුවෙන් ඒවා යළි හරවා එවීම හේතුවෙන් ඒවා ඇළට මුදාහැර ඇති බවයි.