Friday, April 26, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියා - ඉන්දීය ටෙස්ට් තරගයේ දෙවන දිනය අද




සංචාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක‍්‍රීඩා කළ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 256 ක් රැස් කළා.

ආරම්භක පිතිකරු මැට් රැන්ෂෝ ලකුණු 68 ක් රැස් කළ අතර මිචෙල් ස්ටක් නොදැවී ලකුණු 57 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උමේෂ් යාදෙව් ලකුණු 32 කට කඩුලු 04ක් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා. රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඬේජා කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.