Saturday, April 27, 2024

General line - 0115112241

සංගා ‘ජැමෙයිකා තලාවාස්’ දිනවයි




මෙවර කැරබියන් පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්සයි 20 කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර ඊයේ (16) සමත් වුණා.

එ් ජැමෙයිකා තලාවාස් කණ්ඩායම නියෝජනය කරමින් ශාන්ත කිට්ස් කණ්ඩායමට එරෙහිවයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ජැමෙයිකා තලාවාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් රැස් කළා.

කුමාර් සංගක්කාර පන්දු 47 කදී ලකුණු 65 ක් රැස් කළා. ඊට 06 පහර දෙකක් සහ 04 පහර 7 ක්ද ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශාන්ත කිට්ස් කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 75 ක් පමණයි. එ් අනුව ජැමෙයිකා තලාවාස් කණ්ඩායම මෙම තරගය ලකුණු 108 කින් ජය ගත්තා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කුමාර් සංගක්කාරයි.

13662413_10210108841263865_1769221311_o 13689528_10210108825623474_1870070746_n