Friday, April 26, 2024

General line - 0115112241

මියන්මාර හමුදාවටත් එක්සන් ජාතීන්ගෙන් පරීක්ෂණයක්




මියන්මාර හමුදාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. මියන්මාර යුද හමුදා භටයින් එරට රෝහින්ග්‍යා නමැති මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව අපචාර සිදු කරන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ දූත මණ්ඩලයක් පිටත් කර හැරීමට මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ ආයතනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මියන්මාර ආරක්ෂක හමුදා භටයින් සිදු කරන සමූහ දූෂණ හා සමූහ ඝාතන හේතුවෙන් දස දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට බංග්ලාදේශයට පලා යාමට සිදු වූ බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වුණේ.