Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකාව සහ ද.කොරියාව අළු යට ගිනි මැද යුද සරඹ අරඹයි (PHOTOS)




ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියානු හමුදා ඒකාබද්ධ යුද සරඹ සංදර්ශනයක නිරත වෙමින් සිටිති.
වාර්ෂිකව පැවැත්වෙන මෙම යුද සරඹ සඳහා ප්‍රහාරක ගුවන්යානා ප්‍රවාහනය කෙරෙන නැව් සහ ප්‍රහාරක ජෙට්යානා යොදා ගනිමින් ඇත.

එකොළොස් දිනක් මුළුල්ලේ පැවැත්වෙන මෙම යුද සරඹ මෙයින් මාස කීපයකට පෙර සැලසුම් කරන ලද ඒවා බව වොෂිංටන් පාලනය පවසයි.




මෙවර මෙම යුද සරඹ පැවැත්වෙන්නේ කොරියානු අර්ධද්වීපයේ ගැටුම්කාරී වාතා වරනයක් පවතින මොහොතකය.
මෙවැනි යුද සරඹ සංදර්ශන පැවැත්වීම යුද ප්‍රවේශයක් හැටියට දකින උතුරු කොරියාව එම ක්‍රියාදාමය නිරන්තරයෙන්ම හෙළා දකිනවා.

උතුරු කොරියානු පාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අඟහරුවාදා(අප්‍රියෙල් 18) ප්‍රකාශයක් කරමින්,දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඕනෑම මොහොතක පුපුරා යා හැකි තාප න්‍යෂ්ටික යුද්ධයකට මග හෙළිකර ඇතැයි කියා සිටියා.

මේ අතරේ යුද සංදර්ශනවලට එරෙහිව විරෝධතාද පැවැත්වෙනවා.