Saturday, April 27, 2024

General line - 0115112241

43 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල රත්නපුරේ ද? මාතර ද?




43 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල මෙවර රත්නපුරයේ පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව තිබෙනවා.

එම කී‍්‍රඩා උළලේ මෙවර සත්කාරකත්වය සබරගමුව පළාතට හිමි වූ අතර එය රත්නපුර පිහිටි පළාත් කි‍්‍රඩා සංකීර්ණයේ පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් එහි ඉදිකිරීම් කටයුතු තවමත් සිදු වීම හේතුවෙන් මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙල එහි පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි නෙත් ස්පෝර්ටස්මන් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ. 

නෙත් ස්පෝර්ට්ස්මන් මේ පිළිබඳව කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්  ඞී.එම්.ආර්.බී දිසානායකගෙන් විමසීමක් කළා. ජාතික මහා කී‍්‍රඩා උළෙල පැවැත්වීමට තවත් මාස කිහිපයක් ඇති බැවින් එය වෙනත් පළාතකට සත්කාරකත්වය ලබා දෙනවාද නැද්ද යන්න  මෙතෙක් නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බවයි කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්වරයා එහිදී සඳහන් කළේ.

යම් හෙයකින් මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙල රත්නපුරයේ නොපවත්වන්නේ නම් එය මාතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙවර 43 වැනි ජාතික මහා කී‍්‍රඩා උළලේ සත්කාරකත්වය දකුණු පළාතේ මාතර ප‍්‍රදේශයට හිමිවන්නේ නම් එය සාර්ථකව පැවැත්වීමට තමන් උපරිම සහාය ලබා දෙන බවයි දකුණු පළාත් කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.