Friday, April 26, 2024

General line - 0115112241

මන්දගාමී ප්‍රංශ ජනපතිවරණය




සිය මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සහා ප‍්‍රංශයේ ජනතාව මේ වනවිට ඡන්දය ප‍්‍රකාශ කරමින් සිටිනවා. එරට වේලාවෙන් දහවල් 12 වනවිට  සියයට 28 යි දශම 02ක ඡන්ද දායකයින් පිරිසක් සිය ඡන්දය ප‍්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් එය ඉකුත් වාර දෙකේ පැවති ඡන්ද විමසීම් හා සැසඳීමේ දී අඩු ප‍්‍රතිශතයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

අද පැවැත්වෙන්නේ ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන සහ තීරණාත්මක ඡන්ද විමසීමයි. ඉකුත් මාසයේ පැවති පළමු ඡන්ද විමසීමේ දී කිසිදු අපේක්ෂකයෙකුට සියයට පනහ ඉක්ම වූ බහුතර බලයක් ලබාගැනීමට හැකි වූයේ නැහැ. ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව කඩිනමින් ප‍්‍රතිඵල නිකුත් කිරීමටයි එරට බලධාරීන් දැනටමත් සූදානම් වී සිටින්නේ. 

මෙවර මැතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයින් වී සිටින්නේ යුරෝපා හවුල තුළ රැඳී සිටීමට පක්ෂ එම්මානුවෙල් මැක්‍රෝන් හා අන්ත දක්ෂිණාංශික නායිකාවක වන මරීන් ල පේන් අතරයි. 

ඒ අනුව ප‍්‍රංශ මැතිවරණයේ ප‍්‍රතිඵල යුරෝපා සංගමයේ අනාගතයට ද බලපෑමක් කරනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පල කරනවා.