Friday, April 26, 2024

General line - 0115112241

ආධාර රැගෙන අද දහවල් ආ ඉන්දියන් නැව




අයහපත් කාළගුණික තත්ත්වයෙන් ආපදාවට ලක් වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ශර්දුල් නෞකාව අද (28) දහවල් කොළඹ වරායට සේන්දු විය. අපදා සඳහා  සහන සැළසීමට පැමිණි දෙවන නෞකාව මෙයයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඉන්දියානු සංචාරය තුළදී සිදු කළ විශේෂ ඉල්ලීමක් මත මෙම නෞකාව සහ තවත් කුඩා යාත්‍රා 4 ක් කොළඹ වරායට පැමිණ ඇත. එහි වෛද්‍යවරුන් 3 දෙනෙකුල වෛද්‍ය සහයකයන් 6 දෙනෙකු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහ කිමිදුම් කරුවන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ තවත් ජීවිතාරක්ෂක කණ්ඩායම් කීපයක් ද පැමිණ ඇත. ඒ අනුව නිලධාරීන් 27 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක්ල වියළි ආහාර ද්‍රව්‍යල පානීය ජල බෝතල්ල කූඩාරම් සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් මෙම නෞකාවන් මගින් රැගෙනවිත් ඇත. 

හෙට (29) දිනයේදී සහනාධාර රැගත් තවත් ඉන්දීය නාවික ‍නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇත.