Saturday, April 27, 2024

General line - 0115112241

වසර 99කට පසුව 'අමෙරිකානු අහස'  අඳුරු වේ 




මෙම වසරේ අගෝස්තු මස 21වනදා අමෙරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගත හැකි වන බව නාසා ආයතනය පවසනවා.

මෙලෙස අමෙරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගත හැකි වන්නේ වසර 99කට පසුවයි.

ඔරිගන් සිට දකුණු කැරොලිනා ප්‍රාන්තය අතර පිහිටි ප්‍රදේශවලට හොඳින් එය දර්ශනය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

එදින දිවා කාලයේදී අහසද අඳුරු ස්වභාවයක් ගන්නා අතර උෂ්ණත්වයේ පහළ යාමක් ද ඇති වන බව නාසා ආයතනය පෙන්වා දෙනවා.