Friday, April 26, 2024

General line - 0115112241

දරු පවුලක් මාස ගණනාවක්ම ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දිවි ගෙවයි.




නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන දිඹුල පොලිස් වසමට අයත් කොටගල යුනිෆිල්ඩි වතුයායේ වැලින්ටන් කොටසේ නිවසක් නායයෑමෙන් එහි ජිවත් වු වතුකම්කරු පවුලකට අයත් සාමාජිකයන් පස්දෙනෙකු මාස දෙකකට ආසන්න කාලයක් එම වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දිවි ගෙවනවා.

2009 වසරේ තම නිවස නාය යෑමේ අවධානමකට ලක්වු බවත් පසුව 2017.05.29 දින තම නිවසේ ඉදිරිපස කොටස සමිපුර්ණයෙන්ම කැඩි යෑමෙන් පසු වතුපාලන අධිකාරිය සහ දිඹුල පොලිසියේ නිළධාරින් තමන් ඇතුලූ තම පවුලේ සාමාජිකයන්ව දිවා සුරැකුම මධ්‍යස්ථානයේ පදිංචි කළ බවයි එම නිවසේ හිමිකරු වන මරියදාස් ජේසුදාසන් (47) පැවසුෙවි. 

තමන් කුලි වැඩ කර තම පවුල රැක බලා ගන්නා බවත් කැඩි බිදි ගිය නිවස අලූත් වැඩියා කර ගැනිමට තමන්ට ආර්ථික පහසුකමි නොමැති බවත් ඔහු පවසනවා. කැඩි ගිය නිවස සමාජ සුභ සාධන භාරය මගින් ඉදිකර දුන් බවත් කැඩි ගිය නිවස බැලිමට ප‍්‍රදේශයේ දේශපාලඥයන් ඇතුලූ රාජ්‍ය නිළධාරින්පැ මිණීයත් අද වන තෙක් එම නිවස අලූත්වැඩියා කර දිමට හෝ එම නිවස වෙනුවට අලූත් නිවසක් ඉදිකර දිමට කිසිදු පියවරක් ගෙනැති බවයි ජේසුදාසන් පවසන්නේ .

වැඩිහිටි  දරුවන් තිදෙනෙකු සමග අවම පහසුකමි ගණනාවක් යටතේ තව දුරටත් මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ජිවත් විමට නොහැකි බවත් තමන්ගේ කැඩි ගිය නිවස අලූත් වැඩියා කර දිමට හෝ එම නිවස වෙනුවට වෙනත් තැනකින් අලූත් නිවාසයක් ලබා දිමට කටයුතු කරන මෙන් මරියදාස් ජේසුදාසන් බලාපොරොත්තු වනවා.