Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද




ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන සිව් වන එක්දින ක්‍රිකට් තරගය හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේදී අද (08) පැවැත්වෙනවා. 

දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය උදෑසන 9.45 ට පමණ ආරම්භ වීමට නියමිතයි. 

දෙරට අතර පැවති පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත් අතර අනෙක් තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා. 

ඒ අනූව අද තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවහොත් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වනු ඇති. 

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.