Friday, April 26, 2024

General line - 0115112241

ට්විටර් නිසා ට්‍රම්ප්ට නඩු වැටුණු හැටි 




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ට්විටර් ගිණුම සම්බන්ධයෙන් නඩුවක් පවරා තිබෙනවා.

භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන, කොළොම්බියා විශ්වවිද්‍යාලයේ නයිට් ෆස්ට් ඇමෙන්ඩ්මන්ට් ආයතනය (Knight First Amendment Institute) විසින් මෙම නඩුව පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ජනපතිවරයාගේ ට්විටර් පණිවුඩ හාස්‍යයට ලක්කරමින් හෝ විවේචනය කරමින් එයට ප්‍රතිචාරය දැක්වීමෙන් අනතුරුව ජනපතිවරයා හෝ ඔහුගේ ආධාරකරුවන් ඔහු සමග ට්විටර් සම්බන්ධතාව අවහිර කර තිබෙන බව පැමිණිලිකරුවෝ පවසනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩ දැකගැනීමට හෝ එම පණිවුඩවලට ප්‍රතිචාර දැක්විය නොහැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එය ප්‍රසිද්ධ අදහස් හුවමාරුවකදී "විරුද්ධ මත මර්දනය කිරීමේ" උත්සාහයක් බව පවසන පැමිණිලිකරුවෝ, එමගින් ජනාධිපතිවරයා සිය භාෂණයේ නිදහස උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙනවා.

(බි.බී.සී. ඇසුරිනි )