Friday, April 26, 2024

General line - 0115112241

රොජර් ෆෙඩරර් නව ටෙනිස් ලෝක වාර්තාවක් බිහි කරයි (PHOTOS)




විම්බල්ඩන් ලෝක ටෙනිස් ශුරතාව වැඩිම වාර ගණනක් දිනූ ක්‍රීඩකයා බවට පත්වීමට ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත් වුණා. 

ඒ, ඊයේ පැවති අවසන් මහා තරගයේ දී ක්‍රොවේෂියාවේ ක්‍රීඩක මාරීන් සිලික් තරග වට තුනට බින්දුවක් ලෙස පරාජයට පත්කරමින්.

ඔහු මෙලෙස දිනා ගත්තේ සිය ටෙනිස් ජීවිතයේ අට වන විම්බල්ඩන් ටෙනිස් ශුරතාවයි. 

එමෙන්ම මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාවක් ෆෙඩරර් විසින් දිනාගනු ලැබූ 19 වන අවස්ථාව ද මෙය වනවා. 

මෙවර තරගාවලියේ කාන්තා ශුරතාව දිනා ගැනීමට අමෙරිකාවේ වීනස් විලියම්ස් පරාජය කළ ස්පාඤ්ඤයේ ගාර්බිනේ මුගුරුසා සමත් වුණා.