Saturday, April 27, 2024

General line - 0115112241

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් සටන අද (VIDEO)




ලෝක කුසලාන කාන්තා කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) පැවැත්වෙනවා.

ඒ, සත්කාරක එංගලන්තය සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහගෙදර ලෙස සැලකෙන ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.

1973 වර්ෂයේ ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ ඉන්දියාව අවසන් මහා තරගයකට කී‍්‍රඩා කරන්නේ දෙවන වරටයි. 2005 වර්ෂයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද  ඕස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

මීට පෙර කාන්තා ලෝක කුසලානයක් හිමිකර ගෙන ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය පමණයි.

ඉන්දීය කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනාගතහොත් ඉන්දීය රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් එම කි‍්‍රඩිකාවන්ට හිමිවනු ඇති බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ඊයේ ප‍්‍රකාශ කළා.