Friday, April 26, 2024

General line - 0115112241

ගුවන් යානයේ හදිසි දොර විවෘත කරන් තරුණයෙක් බිමට පැනලා (VIDEO)




ගුවන් යානයක හදිසි දොරටුව විවෘත කර බිමට පැනීමේ චෝදනාව මත ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පොලිසිය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්යානය ගුවන්තොටුපලේ නතර කළ පසු මෙම තරුණයා මෙම ක්‍රියාව සිදු කර තිබෙනවා.

එම තරුණයා ගුවන් යානය ගොඩ බස්වා විනාඩි කිහිපයක් ගතවන්නට පෙර හදිසි දොරටුවෙන් පිටවී යානයේ තටුව මතින් ලිස්සා ගොස් බිමට පැන තිබෙනවා.

මෙම ගුවන් තොටුපලේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි සේවකයන් පිරිසක් විසින් මෙම තරුණයා අල්ලා පාලනය කරගෙන පොලිසියට බාරදී ඇති බවයි වාර්තා වන්නේ.

 


ABC Breaking News | Latest News Videos