Saturday, April 27, 2024

General line - 0115112241

මීට පෙර අපේක්ෂා නොකළ මට්ටමින් ඇමෙරිකාවට පහරදීමට සැළසුම් කරන උතුරු කොරියාවේ අවි (PHOTO)




මීට පෙර අපේක්ෂා නොකළ තරමේ වැඩි වේගයකින් ඇමෙරිකාවට පහරදීමට සමත් න්‍යෂ්ටික අවි නිපැයීමෙහි උතුරු කොරියාව යෙදී සිටින බව ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තාකොට තිබෙනවා.

මෑතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් ආර්ථික සම්බාධක අනුමත කිරීම උතුරු කොරියාව විසින් පෙන්වාදෙනු ලැබුවේ "අපගේ ස්වෛරීබව ප්‍රචණ්ඩකාරීව උල්ලංඝනය කිරීමක්" ලෙසිනි. ඉන් නොනැවතුණු එරට, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව "වන්දි ගෙවිය යුතුයි" යැයි ද පවසා තිබුණා.

උතුරු කොරියානු KCNA පුවත් ආයතනය පැවසුවේ සිය රටේ නිෂ්පාදිත මධ්‍යම හා දිගුදුර අතර පරාසයේ හ්වාසොංග් - 12 උපයෝගී කරගනිමින් ඇමෙරිකාවට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීම පිළිබඳ සිය අවධානය යොමු වී ඇති බවයි.

මෑතදී පස් වතාවක් න්‍යෂ්ටික අත්හදාබැලීම් කළ උතුරු කොරියාව, ජූලි මාසයේදී අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) දෙකක් අත්හදා බැලුවේ, ඇමෙරිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට පහරදීමේ හැකියාව දැන් තමන් සතු බව පවසමින්.

කෙසේවෙතත් උතුරු කොරියාවේ හැසිරීම නිසා ලෝකය මින් පෙර නොදුටු "විනාශකාරී කොපාග්නියකට" උතුරු කොරියාව මුහුණ දෙනු ඇතැයි යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව ප්‍රකාශයක් ද කර තිබෙනවා.