Saturday, April 27, 2024

General line - 0115112241

ලෝක විශ්ව විද්‍යාල ක‍්‍රීඩා උළෙල චීන තායිපේහිදී ඇරඹේ




29 වන ලෝක විශ්ව විද්‍යාල ක‍්‍රීඩා උළෙල චීන තායිපේහිදී අද (19) පැවැත්වෙනවා. 

රටවල් 150ක් නියෝජනය කරමින් ඊට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව දස දහසකට අධිකයි. 

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 67 දෙනෙකු ඊට සහභාගි වනවා. 

ඒ, මළල ක‍්‍රීඩා, බැඞ්මින්ටන් , පිහිණුම්, මේස පන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස් සහ බර ඉසිලීම යන ඉසව් සඳහායි. 

ඔලිම්පික් වරම් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායක්තවය ලබා දෙනවා.