Friday, April 26, 2024

General line - 0115112241

නීතීඥ ක‍්‍රිකට් පිලේ ලෝක කුසලාන සිහිනය බිද වැටුණු හැටි 




හය වන වරට පැවැත්වෙන නීතීඥයන්ගේ ලෝකු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පිළිබඳ සත්කාරක ශ‍්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු ඊයේ (18) බිද වැටුණා. 

ඒ අවසන් පූර්ව තරගයේ දී පකිස්ථාන නීතීඥ කණ්ඩායම හමුවේ පරාජය වීමත් සමගයි. 

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 33ක සීමා වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තානු නීතීඥ කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 241ක් රැස් කළා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා නීතීඥ කණ්ඩායමට ද වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනූව ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය සඳහා පන්දුවාර 20ක දී හිමි වූ ඉලක්කය ලකුණු 165ක්. 

එහෙත් ඔවුන්ට එහි දී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 122ක් පමණයි. මෙම තරගය කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.