Friday, April 26, 2024

General line - 0115112241

රුසියාවේ පිහි ඇනුමකින් නවයක් අනතුරේ!




රුසියාවේ සර්ගුට් නගරයේ දී පුද්ගලයෙකු සිදු කළ පිහි ප‍්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රුසියානු පොලිසිය එම පිහි ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

පිහි ප‍්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවද විදෙස් වාර්තා සඳහන් කළා. 

 

මේ අතර ෆින්ලන්තයේ ටර්කු නගරයේදී ද පුද්ගලයෙකු එල්ල කළ පිහි ප‍්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 08 දෙනෙකු එහදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම සිද්ධිය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව ෆින්ලන්ත පොලිසිය ප‍්‍රකාශ කර තිබෙනවා.