Friday, April 26, 2024

General line - 0115112241

වයස අවුරුදු 5ක දැරියට එළිසබෙත් මහරැජින කණගාටුව ප්‍රකාශ කරයි




තම නිවසේ හංසයින් ඇති කිරිමට ඇල්මක් දැක්වු වයස අවුරුදු 5ක දැරියකට එංගලන්ත දෙවන එළිසබෙත් මහරැජින සිය කණකාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ලන්ඩන් නුවර ‍වාසය කරන වයස අවුරුදු 5ක දැරියක් පක්ෂින් ඇති කිරිමට දැඩි උනන්දුවක් දක්වන බව සදහන්.

ඇය සතුව විවිධ වර්ගයේ පක්ෂින් සිටියත් හංසයින් නොමැති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත නීතිය අනුව පෞද්ගලිකව පුද්ගලයෙකුට හංසයින් ඇති කිරිම තහනම් වන අතර එරට සිටින සියලු හංසයින් බ්‍රිතාන්‍යය මහරැජින සතු වනවා.

එම නිසා අදාළ දැරිය තම නිවසේ හංසයෙකු ඇති කිරිම සදහා අනුමැතිය ලබාදෙන ලෙස ලිඛිතව මහරැජිනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කුඩා දැරියගේ ලිඛිත ඉල්ලීම සලකා බැලු මහරැජින ඊට පිළිතුරු ලිපියක් යොමු කර ඇති බවයි ලන්ඩන් වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් එංගලන්තයේ සිටින සියළුම හංසයින් මහරැජිනට අයිති බව වැරදි මතයක ජනතාව සිටින බව එම ලිපිය මගින් ඇය දැරියට පවසා තිබෙනවා.

තේම්ස් ගංගා නිම්නයේ සහ ඒ අවට ප්‍රදේශයේ සිටින හංසයින් පමණක් තමන්ට අයිති බවත් එම ලිපියේ මහරැජින පෙන්වා දී තිබෙනවා.

නමුත් රටේ නීතියට අනුව පෞද්ගලික නිවසක හංසයින් ඇති කිරිම තහනම් බැවින් දැරියගේ ඉල්ලීම අනුමත කළ නොහැකි බවත් දෙවන එළිසබෙත් මහරැජීන එම ලිපිය මගින් කුඩා දැරියට දන්වා තිබෙනවා.

එමෙන්ම දැරියගේ ඉල්ලීම ඉෂ්ඨ කිරිමට නොහැකි විම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පා වන බවත් බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහරැජින එම පිළිතුරු ලිපියේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.