Friday, April 26, 2024

General line - 0115112241

සංගක්කාරගේ බලාපොරොත්තු බිඳ වැටෙයි




මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලිය පිළිබඳව කුමාර් සංගක්කාරගේ ජැමෙයිකා තලවස් කණ්ඩායම තැබූ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා. 

ඒ, ගුයානා ඇමර්සන් වෝරියස් කණ්ඩායම සමග පැවති අවසන් වටයේ තරගයකින් පරාජය වීමත් සමගයි. 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැමෙයිකා තලවස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 168ක් රැස් කළා. ගුයානා ඇමර්සන් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 05ක් අවසානයේ කඩුලූ 05ක් දැවී පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා.

කුමාර් සංගක්කාර පන්දු 38ක දී නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා.