Friday, April 26, 2024

General line - 0115112241

අපේ ක්‍රිකට් ගැන පැහැදීමක් නැහැ




ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව පිළිිබඳ ජගත් ක්‍රිකට් කවුන්සිලය ද පැහැදීමකින් නොසිටින බව හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීන ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින්.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මේ වන විට මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ ඒ සඳහා පාසල් ක්‍රිකට් ගොඩනැගීමේ විධිමත් සැලස්මක් සකස් කළ යුතු බවයි.