Friday, April 26, 2024

General line - 0115112241

සයිමන් විල්ස් තනතුර සුදුසුකම් නැති අයෙක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ දක්ෂතා කළමණාකරු ලෙස කටයුතු කරන සයිමන් විල්ස්ගේ සේවය පිළිබඳ සැහිමකට පත් විය නොහැකි බව ලසිත් මාලිංග පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රීකට් අනාගතය නිසි මගකට යොමු කිරීමේ අරමුණින් බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් හෝටලයේ අද (15) පැවති වැඩමුළුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ක්‍රීඩා අමාත්‍යංශය මගින් සංවිධාන කළ මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්, හිටපු ක්‍රීඩකයන් සහ පරිපාලකයන් රැසක් එක්ව සිටියා.

සයිමන් විල්ස් අදාළ තනතුර සඳහා නියමිත සුදුසුකම් නොමැති අයෙකු බවයි මාලිංග මෙහිදී ප්‍රකාශ කළේ.