Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකාවේ අනතුරු ඇඟවීම් ඉරානයත් මිසයිලයක් අත්හදා බලයි




අමෙරිකාව සිදු කරන අනතුරු ඇවීම් නොතකා ඉරානය අද (23) නව මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

මැදි දුර ඉලක්කයකට එල්ල කළ හැකි මෙම මිසයිලය පළමු වරට එළිදැක්වුණේ ඉකුත්දා ටෙහෙරාන් නුවර පැවති හමුදා පෙළපාලියකදීයි.

මීට පෙර ඉරානය සිදු කළ මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිව අමෙරිකාව සම්බාධක පැනවීමක් ද සිදු කළා.

කෙසේ වෙතත් මෙම මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් අමෙරිකානු - ඉරාන න්‍යෂ්ටික ගිවිසුම් අවදානමකට ලක්වන බවට අමෙරිකානු බලධාරීන් අනතුරු ඇවීමක්ද සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියදා උතුරු කොරියාව ද අමෙරිකාව විවේචනයට ලක්කරමින් මිසයිලයක් අත්හදා බැලුවා.