Friday, April 26, 2024

General line - 0115112241

ලොව බර වැඩිම කාන්තාවත් 'බර අඩුකර ගන්න ගිහින්' මරණය වැළඳ ගනී 




ලෝකයේ බර අධිකම කාන්තාව වන ඊජිප්තු ජාතික  ඉමාන් අහමඩ් මියගොස් ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

36 හැවිරිදි වියේ පසුවූ ඇය පසුගිය මාසයේ දී  බර අඩු කර ගැනීමේ සැත්කමකට  ඉන්දියාවට පැමිණි අතර එහිදී  ඇගේ බර සටහන් වුණේ කිලෝ 500ක් ලෙසයි.

සැත්කමට අනතුරුව  දී ඇගේ බර කිලේ 324ක් දක්වා අඩු වී තිබෙනවා.

මෙම  මරණය සම්බන්ධයෙන් ඇගේ සොයුරිය මුම්බායි රෝහලකට චෝදනා කරමින් සඳහන් කර ඇත්තේ නිසි ප්‍රතිකාර ලබා දී නැති බවයි.