Friday, April 26, 2024

General line - 0115112241

සෞදි කාන්තාවන්ට ඉතිහාසයේ පළමු වරට හිමි වූ අවස්ථාව




සෞදියේ කාන්තාවන්ට රිය පැදවීම සඳහා ඉතිහාසයේ පළමු වරට අවස්ථාව හිමි වී තිබෙනවා.

ඒ, කාන්තාවන්ට රියදුරු බලපත‍්‍ර නිකුත් කරන මෙන් සෞදි රජු නියෝග කිරීමත් සමගයි. 

කාන්තාවන්ට මෙතෙක් රිය පැදවීම තහනම් වී තිබූ ලොව එකම රට වූයේ සෞදි අරාබිය වීම ද විශේෂත්වයක්.

පවතින නීතිය නොතකා රිය පැදවූ කාන්තාවන්ට සිර දඬුවම් පවා හිමි වුණා. 

කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබාදෙන මෙන් මානව හිමිකම් ඇතුළු සංවිධාන රැසක් ඉකුත් සමයේ දිගින් දිගටම ඉල්ලීම් සිදු කළා.

නව තීරණයත් සමග කාන්තාවන්ට රියදුරු බලපත‍්‍ර ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි දින 30 ඇතුළත විශේෂ කමිටුවක් ද පත් කරනු ඇති.

සෞදි කාන්තාවන්ට රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජූනි මාසයේ සිටයි.