Friday, April 26, 2024

General line - 0115112241

කුණාටුවක් නිසා පුද්ගලයින් 20ක් මරුට! ගුවන් ගමන් සියල්ල නවතී




නිවර්තන කලාපීය කුණාටුවක් හේතුවෙන් මධ්‍යම අමෙරිකාවට අයත් කොස්ටාරිකා" නිකර්ගුවා සඑ හොන්ඩුරාස් හි වැසියන් විසි දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. ප‍්‍රාන්ත බලධාරින් පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි.

අධික වැසි හේතුවෙන් එම දූපත් 03ට ගංවතුර සහ නායයෑම් බලපැම්ද එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. වාහන ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා. අදට නියමිත ගුවන් සහ දුම්රිය ගමන්වාර සියල්ල අවලංගු කර ඇති බවයි කොස්ටාරිකා දූපතේ ප‍්‍රාන්ත බලධාරීන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.