Friday, April 26, 2024

General line - 0115112241

වසර මිලියන ගණනක් පැරණි පොසීලයක් සොයාගැනේ




ඉන්දියාවේ විද්‍යාඥයන් පිරිසක් විසින් ගුජරාට් ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ දී සමුද්‍ර උරග විශේෂයක් වන ඉචිත්සෝරාවෙකුගේ පොසිලයක් සොයාගෙන තිබෙනවා.

මෙය ගල්ලෙනක තිබියදී සොයාගෙන ඇති අතර වසර මිලියන 152ක් පමණ පැරණි බවට අනුමාන කරනවා.

මෙම අධ්‍යයනය මෙහෙයවූ මහාචාර්ය ගොන්ට්පුල්ලයි වි.ආර් ප්‍රසාද් ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස හමුව ඇති කොටස මීටර් 5.5 ක ප්‍රමාණයකින් යුක්ත බවයි.

කෙසේ වෙතත් පොසීලයේ හිස් කබල සහ අස්ථි කොටස් කිහිපයක් මෙතෙක් හමුවී නැහැ.