Friday, April 26, 2024

General line - 0115112241

බිඳී ගිය ඉන්දීය කඩුලු 2ම තිරිමාන්නට

කසුන් කැලුම්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය  ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ අවසන් දිනය අදයි.

දිවා ආහාරය සහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල කඩුලූ 2ක් දැවී ලකුණු 89ක් ලබා සිටියා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 411ට පිළිතුරු වශයෙන්. ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ දැවී ගිය කඩුලූ 2ම ළහිරු තිරිමාන්න විසින් දවාගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 74ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 73ක් රැස් කළා.

තරගය පැවැත්වෙන්නේ කොල්කටා නුවර ජදාවුපූර් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදීයි.