Friday, April 26, 2024

General line - 0115112241

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට පලා ආපු සෙබළාට වෙඩි ප්‍රහාරයක්




දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර දැඩි ආරක්ෂාවක් පවතින දේශසීමාවකදී උතුරු කොරියානු හමුදා සෙබෙළෙකු දකුණු කොරියාවට පලාගොස් තිබෙනවා.

ඔහු දැඩි ආරක්ෂිත කොරියානු දේශසීමාව උල්ලංඝනය කරමින් දකුණු කොරියාවට දෙසට පැමිණෙන විට උතුරු කොරියානු ආරක්ෂක අංශ විසින්ම තැබූ වෙඩි ප්‍රහාරයකින් මෙම සොල්දාදුවා තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පන්මුන්ජොම් ලෙස හැඳින්වෙන ගම්මානයට ආසන්නව පවතින දේශසීමා ප්‍රදේශයකින් මෙම සිදුවීම වාර්තා වනවා.

මෙසේ පළා ආ සොල්දාදුවා වහාම රෝහල්ගත කිරීමට දකුණු කොරියාව කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.