Friday, April 26, 2024

General line - 0115112241

අදහාගත නොහැකි වට්ටම් පිරිනමන වසරේ දැවැන්තම ඔන්ලයින් වෙළෙඳ සැනකෙළිය මෙන්න




85%ක් දක්වා අදහාගත නොහැකි වට්ටම් පිරිනමන වසරේ දැවැන්තම ඔන්ලයින් වෙළෙඳ සැනකෙළිය Daraz.lk  විසින් Daraz Black Friday ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඉතාම අගනා  නව ස්මාර්ට් ජංගම දුරකථනයක්, ගේදොර බඩු භාණ්ඩ හෝ ඇඳුම් පැළඳුම් අදිය මිලදී ගැණීමට ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, මෙරට වෙළෙඳපොලේ ඒ සඳහා ඔබට වාසිදායකම ගනුදෙනුව සඳහා අවස්ථාව මෙම මස 20 වැනිදා සිට 27 වැනිදා දක්වා ක‍්‍රියාත්මක Black Friday  සමයේදී උදාවනු ඇති. 

Black Friday යනු වසරේ දැවැන්තම වෙළෙඳ ඉසව්ව වන අතර නොවැම්බර් 20 වැනිදා ඇරඹී, පුරා සතියක් දිවෙන මෙම අපූරු ගනුදෙනු සමය තුළ දැවැන්ත වට්ටම්, ක්‍ෂණික සේල්, විශේෂ දීමනා ආදිය නොඅඩුව Daraz.lk හරහා ඔබට ලබා දෙනවා.

මෙම සත් දින ‘මෙගා සේල් ’ ඉසව්වේදී අලූත්ම අංගද ඔබ හමුවේ විවර වනු ඇති. ඉකුත් 2016 වසරේ Daraz.lk විසින් පැවැත්වූ Black Friday  ඉසව්ව එම වෙළෙඳ සංස්කෘතියේ මෙරට පුරෝගාමී ඉසව්ව වූ අතර, එය මේ වසරේ තවත් සැලකිය යුතු මට්ටමකින් පුළුල් කර තිබෙනවා.

Daraz.lk හී දේශීය කළමනාකරු බාර්ට් වෑන් ඩික් පවසා සිටියේ. "මේ වසරේ මෙම දැවැන්ත වෙළෙඳ ඉසව්ව වෙනුවෙන් අපේ සැලසුම් එළිදක්වන්ට ලැබීම සම්බන්ධයෙන් අප ආඩම්බර වෙනවා. මෙය දැවැන්ත පරිමානයේ වෙළෙඳ ඉසව්වක් බවට පත්වෙනවා. Black Friday  කියන්නේ තවත් එක වෙළෙඳාමක්ම නොවෙයි. එය අත්දැකිය යුතු ඉසව්වක්. අපේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අඩුනැතිව සපුරාලන්න පමණක් නොවෙයි, එය ඉක්මවා යන්නත් හැකිවන  ලෙස අපි මේ වෙනුවෙන් ඉතා මහන්සි වී කටයුතු සූදානම් කළා. ඒ වගේම මෙම ඉසව්ව අති සාර්ථක කරගැනීම උදෙසා දායක වන අපේ සියළුම හවුල්කරුවන් සහ විකිණුම්කරුවන්ටත් අපි ඉතාම කෘතඥවෙනවා" යන්නයි. 

මෙහිදී ස්ටෑන්ඩර්ට් චාර්ටර්ඞ් බැංකුව සහ සෙලාන් බැංකුව සමග අත්වැල්බැඳගත් Daraz  විසින් විශේෂ වට්ටම් සහ මාසිකව පහසු ගෙවීම් ක‍්‍රමවේදයන් යටතේ අදාළ දෑ මිලදී ගැනීම සඳහාද සිය පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

5000 කට වැඩි නව වෙළෙඳාම් සමග, ඉස්තරම්ම මට්ටමේ නිෂ්පාදන 85%ක් දක්වා වූ දැවැන්ත වට්ටම් යටතේ ලබාගැනීමට අවස්ථාව උදාකර දෙන මෙහිදී, ජීවිත කාලයටම මතක හිටින ඔන්ලයින් ගනුදෙනු අත්දැකීමක් හිමිකර දීමට Daraz.lk  කටයුතු යොදා තිබෙනවා.

විලාසිතා මෙන්ම විවිධ උපාංග, සෞඛ්‍ය නිෂ්පාදන මෙන්ම රුපලාවන්‍ය නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික මෙන්ම ගේ දොර උපකරණද ආදී ලෙසින් පුළුල් පරාසයක නිෂ්පාදන මෙහිදී ඔබ හමුවට ගෙනෙනවා.

එසේම Apple, Samsung, L’Oreal, Timberland, Canon, HP, Skullcandy, Asus  ඇතුළු සන්නාමයන් රැසකින් යුත් නිපැයුම් එහි වනු ඇති. 

Daraz.lk යනු දකුණු ආසියාවේ e-commerce  ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගම වන අතර ශ‍්‍රී ලංකාවේ e-commerce ක්‍ෂේත‍්‍රයේ පුමුඛයන් අතර පසුවන්නකි.